(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල දෝව දික්අරාව කඳුවැටියේ අද (13) දහවල් ඇතිවූ හදිසි ගින්නක් මේ වන විටත් කඳුවැටිය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම ගින්න පැතිරයාම නිසා මේ වන විට මෙම කදුවැටියේ අක්කර 5 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
බණ්ඩාරවෙල පොලීසිය හා දියතලාව යුද හමුදා කදුවුරේ යුධ හමුදා නිළධාරීන් එක්ව මෙම ගින්න නිවා දැමීමට බලවත් උත්සහයක යෙදී ඇතත් පවතින වියළි කාලගුණික තත්වය හා සුළං තත්වය මත මෙම ගින්න නිවා දැමීමට දැඩි අසීරු වී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සදහා මෙම කඳුවැටියට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.