( වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී ලියනආරච්චි)
අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ නවගිරියාව වැවේ පිරිසක් ඔරු පදිමින් සිටියදි ඔරුව තුල සිටි වයස අවුරුදු අටක දරුවෙක් වැවට වැටි මියගොස් තිබේ.
සිසුන් කණ්ඩායමක් ඔරුවේ අයිතිකරු සමග නවගිරියාව වැවේ ඔරු පැදිමට ගොස් තිබේ. දෙමව්පියන්ගේ අවසරය මත ඔරු පැද ඇති අතර ඔරුවේ ටික දුරක් ගිය විට නැවත හරවා ගෙන එන ලෙසට දෙමව්පියන් ඔරුව පදින පුද්ගලයාගෙන් ඉල්ලිමක් කරඇත.
ඔරුවේ සිටි දරුවන්ද ආපසු ඔරුව හරවන ලෙස ඉල්ලිමක් කලත් ඔරුව පදින ලද පුද්ගලයා එම ඉල්ලිම ඉවත දමමින් තවත් දුරට ඔරුව පැද ඇති අතර වැව තුලදී මාලු දැලක් දැමිමට යෑමෙදි ඔරුව පෙරලි තිබේ.
පසුව ඔරුව පදින ලද පුද්ගලයා සහ පිහිනිමට හැකි දරුවන් ගොඩට පිහිනා ඇති අතර එක් දරුවෙක් වැවේ ගිලි මිය ගොස් තිබේ.
මෙම ඔරුව පෙරලෙන විට එහි ඔරුව පැදි අය සමග හත්දෙනෙක් එහි ගමන් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදි හෙලිව තිබේ.
මේ වෙන විට ඔරුව පදවන ලද පුද්ගලයා උහන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මානයේ පතිරාජ රණසිංහ මංදාර තාරක 8 හැවිරිදි දරුවෙකි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට