
(සුජිත් හේවාජුලිගේ )
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ අනුව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය හෙට ගාල්ලේ දී පවත්වන සම්මන්ත්‍රණයට සමගි ජන බලවේගය සහභාගී නොවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
එම රැස්වීමට සහභාගී නොවන ලෙස පක්ෂ මූලස්ථානයෙන් දැනුම් දීමක් ලැබී ඇති බව ආසන සංවිධායකවරු පෙන්වා දෙති.
"සත්‍ය දිනවමු; හොරුත් බොරු පරදවමු" යන තේමාව යටතේ" ගාල්ල නගර ශාලාවේදී හෙට උදේ 9.00ට පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට එම විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය
මේ අතර විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ සෙසු සියලු රැස්වීම් වලටද සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ.
රටේ පොදු ප්රශ්නවලදී විපක්ෂය එකතු විය යුතු අවස්ථාවක මෙසේ බෙදී වෙන්වීම ඉතා අවාසි සහගත බව
සජබපාක්ෂිකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd