IMG-LOGO

ත්‍රිරෝද රිය පෙරැළී තරුණයෙක් මරුට

(ක.ග.කරුණාරත්න )

පොලොන්නරුව හබරණ ප්‍රධාන මර්ගයේ බැඳිවැව,25 කණුව ප්‍රදේශයේදීත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළීයාම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත්  අයෙකු මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ හබරණ,ත්‍රිකුණාමලය පාර පදිංචි මානික්කහේවගේ මාරපක්ෂ  ඉෂාන් දිනේෂ් ප්‍රනාන්දු නැමැති 31 හැවිරිදි අයෙකි.
 
අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයකද ත්‍රිරෝද රථය ගැටී තිබෙන බව පොලීසිය සඳහන් කලේය.
 
එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරා සහ තවත් අයෙකු තුවාල ලබා තිබේ.ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
 
ත්‍රිරෝද රථයේ අධික වේගය එහි රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරා මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බලන බව පොලීසිය සඳහන් කලේය.
 
 මියගියඅයගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද(11)පැවැත්වීමට නියමිතය.
 
ටිපර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
 



අදහස් (0)

ත්‍රිරෝද රිය පෙරැළී තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1019 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site