IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අනවසරයෙන් ප්‍රවාහනය කළ තේක්ක-කොහොඹ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය)
 
නිසි බලපත්‍රයක් නොමැතිව ඇඹිලිපිටියේ සිට යාපනය බලා ලොරියකින් ගෙනයමින් තිබූ ඉරණ ලද තේක්ක සහ කොහොඹ දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද(11) දහවල් කුරුවිටදී අත්අඩංගුවට ගැනීමට රත්නපුර අඩවිවන නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ.
 
කිසිදු ආවරණයක් ද නොමැතිව සැක නොසිතන ආකාරයට මෙම දැව තොගය ගෙන ගොස් තිබුණි.
 
ඇඹිලිපිටිය අනූනවය ප්‍රදේශයෙන් මෙම දැව තොගය ලොරියට පටවා තිබුණි. රත්නපුර අඩවිවන නිලධාරී එස්.ඩී. නිමල් මහතාට ලැබුණ තොරතුරකට අනුව කුරුවිට පොලීසියේ නිලධාරින්ගේ සහාය ද ඇතිව ප්‍රධාන පාරේ ගමන්ගත් දැව පැටවූ ලොරිය නවත්වාගෙන තිබුණි.
 
 
ලොරියේ සිටි පුද්ගලයෙක් බලපත්‍රයක් ඉදිරිපත් කළ ද එකී බලපත්‍රයේ සඳහන් ලී වලට වෙනස් ආකාරයේ ලී එහි තිබී ඇත. පසුව දැව පැටවු ලොරිය රත්නපුර අඩවිවන කාර්යාලයට ගෙනවිත් එහිවූ ලී බිමට බෑමේදී උඩින් ඉරන ලද බුරුත දැව ද ඊට යටින් කොහොඹ දැවද තිබූ බව වන නිලධාරීහූ පැවසූහ.
 
මෙම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ පහළොවක් පමණ වනු ඇතැයිද වන නිලධාරීහූ කීහ. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා ඇඹිලිපිටිය සහ පල්ලෙබැද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
 
එක් සැකකරුවෙක් ලොරියේ රියදුරු වන අතර ඔහු ලොරියේ අයිතිකරුද වන බව වනනිලධාරීහූ පැවසූහ. ඔහුට බලපත්‍රයක් ඇතිබව  පෙන්වා මෙම ල තොගය නීත්‍යානුකූල ලෙස යාපනයට ගෙන යන බව දන්වා ඇතිබව විමර්ශන අනාවරණය විය.  අනෙක් සැකකරු වරින්වර මේ ආකාරයට දැව ප්‍රවාහනය කර ඇති බවත් මෙවර අටවෙනි වතාවට ගෙන යද්දී අසුවූ බවද පවසා තිබුණි.
 
 රත්නපුර දිසාවන නිලධාරී රසාල් වීරසිංහ මහතාගේ උපදෙස් මත රත්නපුර අඩවිවන නිලධාරි එස්.ඩී.නිමල්, බිබීට්ටුවන නිලධාරීන් ව රොෂාන් පෙරේරා, සේනක හේමන්ත සහ සුදත් යන නිලධාරීන් මෙම ලී තොගය අත්අඩංගුවට ගනු ලැබීය.

 



අදහස් (0)

අනවසරයෙන් ප්‍රවාහනය කළ තේක්ක-කොහොඹ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site