IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගොඩගම කාර්මික විද්‍යාල අසල මාර්ගයේ මළ සිරුරක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගොඩගම කාර්මික විද්යාලය  අසල  කිරිමැටි හේන් මාර්ගයේ වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (14) දා සොයා ගත් බව  මීගොඩ පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම  ගොඩගම කිරිමැටි හේන පදිංචි විජිත ලාල් මුනිදාස (74) හැවිරිදි පෞද්ගලික ඉංග්‍රීසි උපකාරක  ගුරුවරයකු බව පොලීසිය කියයි .

මියගිය පුද්ගලයා වසර කිහිපයක සිට  ගොඩ ගම ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක ජීවත්ව සිට ඇති අතර මොහු 14 සවස මාර්ගයේ  වැටී සිටිනු පුද්ගලයෙකු දැක ඔහුව පරීක්ෂා කිරීමේ දී කෙඳිරි ගාමින් සිටිම නිසා 1990 සුව සැරිය ගිලන් රථයකට දැනුම් දී පසු ව ගිලන් රථය පැමිණ වැටී සිටි පුද්ගලයා පරික්ෂා කොට ඔහු මිය ගොස් ඇති බව  පවසා ඇතැයි පොලීසිය  කියයි.

ඒ අනුව මේ පිළිබඳව මීගොඩ පොලීසියට දැනුම් දීමක් සමග පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ මුනින් අතට මාර්ගයේ  වැටී සිටි පුද්ගල මල සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.

පසුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානිය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය  කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස  පොලිසියට නියෝග කළේය.

ඒ අනුව දේහය පිළිබඳව  පශ්චාත් මරණ පරීක්ෂණය හෙට(15)  කළුබෝවිල ශික්ෂණ රෝහලේදී  සිදු කිරීමට නියමිතය.

මෙම මරණය පුද්ගල ඝාතනයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

මීගොඩ පොලිසියේ පො.කො.(92518) ලක්මාල් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ගොඩගම කාර්මික විද්‍යාල අසල මාර්ගයේ මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site