(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව අලුත්වැව ජනපදයේ පිහිටි අලුත්වැවේ නෙළුම් බට්ටන් කැඩීම සඳහා ඔරුවකින් ගිය පුද්ගලයෝ තිදෙනෙකු අද(12) සවස ඔරුව පෙරළීමෙන් අනතුරකට පත්ව එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
ඔරුවේ ගමන්ගත් අනෙක් දෙදෙනා පිහිනා දිවි බේරාගෙන ඇත. දියේ ගිලුණු පුද්ගලයා පසුව ගොඩටගෙන රෝහල් ගතකරන අවස්ථාවේ මිය ගොස් තිබේ.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව,අලුත්වැව, අංක 32 ලිපිනයේ පදිංචි අයි.ඒ.නෙවිල් ජයන්ත ප්‍රනාන්දු නැමැති 55 හැවිරිදිි අයෙකි.අනතුරින් දිවි බේරාගත් දෙදෙනා පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මියගියඅයගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද (12) පැවැත්වීමට නියමිතව තිබුණි.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd