( ප්‍රියානි මංගලිකා )
හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව කොටවෙහෙර ,කිරින්ද ප්‍රදේශයේ රුඳී සිටි කුඩා වල් අලි පැටියා මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (05)පැවසීය.
වයස අවුරුදු පහක් පමණ වයසැති ,අඩි පහක් පමණ උසැති මෙම අලි පැටියා අනතුරින් පසුව කිරින්ද ,යටිහේනගෙදර වැවේ රැඳී සිටියදී , මීට සතියකට පමණ පෙර ප්‍රතිකාර ආරම්භ කල බවද ,ප්‍රතිකාර ලබමින් සිටියදී අලි පැටියා මිය ගිය බවද ,සිරුර පිලිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවද පශුවෛද්‍ය ඒකකය පැවසීය.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර පශුවෛද්‍ය ඉසුුරු හේවාකෝට්ටගේ ,අඩවි සහකාර මංජුල විජේපාල යන මහතුන් ඇතුලු නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කෙරේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක සත්තුන්ට මර උගුල් අටවන පව් කාරයන්ට සිද්ද වෙන්නෙත් ඔයවගේම මරණ තමයි. කරන කලට පව් මිහිරියි. අද පොසොන් පොහොය දවස. අහන්නත් අමිහිරියි.