( තිලකරත්න දිසානායක.)
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල පොලිසිය ඉදිරිපිටදී මාර්ගයෙහි විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් බේරා ගැනීමට ගිය ලොරියක් පොලීසිය තුළට කඩා වැදී ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක නිට්ටඹුව දෙසට ගමන් ගනිමින් තිබූ කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව නිට්ටඹුව පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
ලොරි රථය කඩා වැදීමෙන් පොලිස්ථානයෙහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇති අතර පොලිස්ථානය ඉදිරිපිට නවතා තිබූ කැබ් රථයකට සහ යතුරු පැදි දෙකකටද හානි සිදුව ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධික වේගය මරුවා කැදවි, සමහර අය වාහනේ අතට ගත්තාම අනිත් අය ගැන හිතන්නේ නැහැ.