(තරංග ගුණරත්න)
පසුගිය 30 දින වැලිගම පොලිස් වසමෙ මිරිස්ස වරාය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු වන අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දාට වෙඩි තැබිම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන මේ වන වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියේ ජෙරම් නැමැති අයට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසති .
මෙම පොලිස් කොස්තාපල්වරයා දැනට තලංගම පොලිස් ස්ථානයට අනියුක්තව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන බව පොලිසිය කියයි සැකකාර පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd