IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල, රොසීටා සත්ත්ව ගොවිපල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (10) සවස සිදු වු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි මනෝහරන් ගනේෂ් (28) නැමැති තරුණයෙකු බවට අනාවරණය වී තිබේ.

තලවකැලේ ප්‍රදේශයේ සිට හැටන් දක්වා ගමන් කරමින් තිබු යතුරුපැදිය එම දෙසටම ධාවනය වු ත්‍රී රෝද රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදි යතුරුපැදිකරු ද එම දෙසටම යතුරු පැදිය ධාවනය කිරීමේදි මෙම අනතුර සිදුව තිබේ.

ත්‍රී රෝද රථයේ වැදුණු යතුරු පැදිය එක් පැත්තකටත් යතුරු පැදිකරු තවත් පැත්තකටත් විසිව ගොස් මාර්ගය අසල පිහිටි කිලෝමීටර් කණුව වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම අනතුරු සම්බන්ධයෙන් දිඹුල- පතන පොලීසිය වැඩිදුර විමර්න කටයුතු සිදු කරනු ලබයි.

 



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site