(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය.
නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි ලියනගේ උදය සංජිව පෙරේරා නැමැති සැකකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් බාරයට පත්ව ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
සැකකරු දැනට මහර බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යාගේහෙරොයින් අලෙවි කරමින් සිට පසුව හෙරොයින් අලෙවි කරන අයගේ මුදල්එකතු කර ඇති බවත් එම මුදල් ගනේමුල්ල සංජිව නැමැති කඩවත රන්මුතු ගල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කට බාර දීඇති බවත් පැවසු පොලිසිය සැකකරු ටි56ගිනි අවිය සහ මැගසින් 04 රැගෙන ගොස් ඇත්තේ ගනේමුල්ලේ සංජිව නැමැති පාතාල සාමාජික යා ලබා දුන් උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල සාමාජික යෙකු ඝාතනය කිරීම සදහා බව ට සිදු කල පරික්ෂණ වලදි අනාවරණය වී තිබෙන බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසීය .
සැකකරු ගේ ප්‍රකාශ මත කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ නීවස පරික්ෂා කර එහි තිබි හෙරොයින් ග්‍රෑම් 500ක් සොයා ගත් බව ද පැමිනිල්ල මෙහෙය වමින් ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශනය අංශයේ
ස්ථානාධිපති ප්‍ර.පො.ප.අසංක රංගන සහ පො.ප.සේනාරත්න ;පො.කො.සුරංග (81859)යන නිලධාරිහු අධිකරණය හමුවේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd