(ප්‍රියානි මංගලිකා )
කොබෙයිගනේ හෙන්ගමුව මහා විද්‍යාලයේ පරිඝනක කාමරය බිඳ පරිඝනක හතරක් සොරාගත් සැකකරුවකු අද(10) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පරිගණක කාමරයේ වහලයේ උළු ඉවත් කර පරිගණක කැබලි කර ඇති බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව පරිගණක කොටස් ද තිබී ඇත.
සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය පවසයි. සැකකරුවන් දෙදෙනාම පාසැල ආසන්නයේ පදිංචිකරුවන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.