( නිමල් ජයරත්න)
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පිඩාවට පත් වුවන් සදහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 දිමනාව ලබා නොදිමට එරෙහිව ඊට විරෝධය පලකරමින් දිඹුලාගල ගොවින් දෙදෙනෙකු අද(08) සවස සමෘද්ධි කාර්යාලයේ වහලය උඩට නැග විරෝධතාවයක නිරත වුහ.
මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ දිඹුලාගල දෙවෙනි පියවර අංක 19 ලිපිනයේ පදිංචි දෙදෙරු පියෙකු වන 42 වියැති එච් එම් රඹුක්වැල්ල මහතා සහ දිඹුලාගල අංක 27 ලිපිනයේ පදිංචි දෙරු පියෙකු වන ජේ.එම් චන්ද්‍රසේන යන 49 වියැති ගොවි මහතුන් බව අරලගංවිල පොලිසිය කියයි.
තම ග‍්‍රාමසේවා වසමේ ගොවි පවුල් 650 ක් ජිවත් වන බවත් ඉන් 602 ක් සදහා රුපියල් 5000 රජය විසින් ලබා දුන්නද පවුල් 48 කට පමණක් 5000 දිමනාව ලබා නොදිමට එරෙහිව එම සියලූ පවුල් වෙනුවෙන් දිමනාව ලබාදෙන තුරු වහලය මත නැග මෙලෙස විරෝධය පල කරන බව ගොවි මහතුන් දෙදෙනා පැවසුහ.
5000 දිමනාව නොලැඹුන අනිත් පිරිසද සමෘද්ධි කාර්යාලය අසල සිට විරෝධතාකරුවන්ට සහය පලකරමින් කෑ ගසා විරෝධය පල කළහ.
මෙම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍යවාසි හේනානිගල චුල්ලපන්තකාලංකාර ස්වාමින් වහන්සේ වැඩම කර සිදු වි ඇති අසාධාරණය පිලිබද දිඹුලාගල ප‍්‍රාදේශිය ලේකම්වරයා ඇතුලූ අදාල බලධාරින් දුරකථනය මගින් දැනුවත් කිරිමෙන් අනතුරුව අසාධාරණයට පත් ගොවින් සමග 09 වෙනිදා සාකච්ඡුාවක් කර විසදුමක් ලබාදෙන බවට දිඹුලාගල ප‍්‍රාදේශිය ලේකම්වරයා ලබාදුන් පොරොන්දුවත් සමග විරෝධතාවය අවසන් විය.
අප මේ පිලිබදව දිඹුලාගල ප‍්‍රාදේශිය ලේකම් පි.ටි.එම්.ඉර්ෆාන් මහතාගෙන් දුරකථනයෙන් කරන ලද විමසිමකදි ප‍්‍රකාශ කලේ එම ගොවි පවුල් 48 ම ඇතුලත් කර ඇත්තේ කීඩැ උවදුරින් වන්දි ගෙවන ලේඛනයට බවත් ඔවුන් සදහා ගෙවන මුදල් මෙතෙක් රජයෙන් නොලැබු බවත් එම නිසා මුදල් ගෙවිමට නොහැකි බවත් මුදල් ලැබුන විගස ඔවුනට 5000 දිමනාව ලබා දිමට කටයුතු කරන බවයි.



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පන්දහසේ දීමනාව නොලැබුණැයි ගොවීන් දෙදෙනකු උපවාසයක්
MOHOMED Monday, 08 June 2020 10:26 AM
පොහොටුවට ඡන්දය දුන්නනම් 5000 හම්බ වෙයි, රට රකින විරුවා ගෝඨාභය.
lalithm Monday, 08 June 2020 03:35 PM
ගොවියෙක් නම් රු. 5000/= ඉල්ලලා උපවාස කරනවනවද? මොකක්ද අර මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියන එකේ තේරුම. අනික රට ආණ්ඩු කරන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු ආණ්ඩුවක්.