IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බලපත් නොමැතිව මත්පෙති ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල )

බලපත්‍ර නොමැතිව මදන මෝදක ගුලි 1000කට ආසන්න ප්‍රමාණයක්ද  ලිංගික උත්තේජන ඖෂධ පෙති රැසක්ද  සමග  පුද්ගලයෙකු අද(09) දහවල් අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
 
සැකකරු සන්තකයේ තිබු රුපියල් විසිපන් ලක්ෂයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ පහල ලේල්වල පදිංචි 35හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු වඳුරඹ නගරයේ සිංහල බෙහෙත් බඩු විකුණන වෙළඳ සලක් පවත්වා ගෙන යන යනු ලබන අතර එහි තබාගෙන මෙම මදන මෝදක ගුලි සහ ලිංගික උත්තේජන පෙති අලෙවි කරන බවට ලැබුන තොරතුරක් අනුව සැකකරුගේ නිවසේ සහ වෙළඳ සලේ තිබි මදන මෝදක සහ ලිංගික උත්තේජන පෙති සොයාගෙන ඇත

පොලිස් පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මදන මෝදක පාසල් සිසුන්ට අලෙවි කිරිම සඳහා ගබඩා කරගෙන තිබි ඇති බවය.

පොලිස් පරික්ෂක යූ.ජී.අබේරත්න මහතාගේ බුද්ධි තොරතුරු අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්මන් කුමාර මහතාගේ මෙහෙයවිම යටතේ උප පොලිස් පරික්ෂක සුජිව කුසුම් ලාල්.කොස්තාපල්වරුන්වන අමිල මධුසංක( 75343)චන්දුසිරි(94869) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු හෙට බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. 



අදහස් (0)

බලපත් නොමැතිව මත්පෙති ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site