IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇදිරිනිතීය උල්ලංඝනය කරමින් නීතී විරෝධිව මත් කරල් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා) 
 
ඇදිරිනීතිය හා නිරෝදායනය නීති උල්ලංඝනය කරමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් කරල් 1360ක් යතුරුපැදි දෙකක සගවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (05) අලුයම බේරුවල අඹේපිටිය පාලම අසල කළ පරීක්ෂාවකදී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ .

මෙම මත් කරල් රැගෙන ගිය පුද්ගලයන් අතර වූ ප්‍රධාන සැකකරු ඖෂධ නිළධාරියෙකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා මත් ද්‍රව්‍ය පානයට කරන්නන්ට මත් පෙති අලෙවි ජාවාරම සිදු කරන පුද්ගලයන් බව පොලිසිය හදුනා ගෙන තිබේ සැකකරුවන් කංකානම්ගොඩ, ඇලදූව සහ රේගුව පාර බේරුවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 හා 32 යන වයස්වල අය බව කියයි.
 
මෙම මත් කරලක් , මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට රුපියල් 200 බැගින් අලෙවි කරන බව සැකකරුවන් පොලීසියට පවසා ඇති අතර එම මත් කරල් වල වල වටිනාකම රුපියල් ලක්ශ 3කට ආසන්න බව කියයි.සැකකරුවන් මත් කරල් ප්‍රවාහනය කළ යතුරුපැදි දෙක හා ඔවුන්ගේ ජංගම දුරකථන තුන පොලිස් භාරයට ගෙන තිබේ .
 
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න ,කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස ,බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර යන මහත්වරුන්ගෙන් උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ ,පොලිස් කොස්තාපල්වරුන් වන ශ්‍යාමින්(90336), මදුරංග (92505) යන මහත්වරු සැකකරුවන් සමග මත් කරල් තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත .



අදහස් (1)

ඇදිරිනිතීය උල්ලංඝනය කරමින් නීතී විරෝධිව මත් කරල් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට

lalithm Friday, 05 June 2020 06:00 AM

පැහැදිලි නැහැ. ඇඳිරිය කඩ කළාටද නීති මගින් ක්‍රියා කරන්නේ? නැතිනම් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමටද ? මත් කරල් කීවට ඕව මොනයම් හෝ රෝගයකට ප්‍රතිකාර විය යුතුයි නොවේද? නීතියෙන් රිංගන මග ඔවුන් සතුව තිබෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site