( එච්.චන්දන )
මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලා ගිය බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
03 වැනිදා රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
වෙඩි තැබීමෙන් කිසිවකුට හානි සිදුවී නොමැති බව පොලීසිය කියයි.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී බෝර 12 ජීව උණ්ඩයක් සහ ගිනි අවියක බද කොටස හමුවී ඇත.
ඒ අනුව වෙඩි තැබීම සදහා බෝර 12 ගිනි අවියක් උපයෝගී කරගෙන ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.
වෙඩි තැබීම සිදුවූ නිවසේ හිමිකරු විසින් 03 වැනිදා එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දීමක් සිදු කර ඇත.පහර කෑමට ලක්වූ පුද්ගලයා මේ වන විට ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇත.
පහර දීමේ සිද්ධිය සහ වෙඩි තැබීම අතර සම්බන්ධයක් ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියය.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.