ප්‍රේමතිලක පෙරමුණ
මීගහතැන්න පොලිස් වසමේ බඹරැල්ල ප්‍රදේශයේ පැලවත්ත ගගේ තිබී අද (30) නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වූ බව මීගහතැන්න පොලිසිය පවසයි.
මෙම මළ සිරුර කාන්තාවකගේ බවත්,ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම්දීමක් අනුව මළ සිරුර සොයා ගත් බවත් මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එම් ජේ ආරියවංශ මහතා පැවසීය.
ජලයේ මුනින් අතට තිබූ මළ සිරුරේ මුහුණ ප්‍රදේශය නරක් වී තිබුණු අතර ,ඉදිරි පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත්වරයා කැඳවීමට නියමිතව තිබිණි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.