IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඒ 9 මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක

(බී .ජී. චතුරංග)

පහරදීමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම මිහින්තලය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රමාද කරන බව පවසමින් පිරිසක් අද (30) ඒ 9 මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවූහ.

මිහින්තලේ නගරයේ වෙළඳසැල් වසා දමා ටයර් පුළුස්සා දමමින්  මිහින්තලය පොලීසිය ඉදිරිපිට මෙම පිරිස උද්ඝෝෂණයේ නිරතවූහ.

ඊයේ (29)  මහා සභා රැස්වීම  පැවති අවස්ථාවේදී මිහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට එම සභාවේම මන්ත්‍රී පිරිසක් පහරදී බරපතල තුවාල සිදු කර මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සැකකාර මන්ත්‍රීවරුන් නිදැල්ලේ සිටියදී මිහින්තලය පොලිසිය එම සැකකරුවන්  අත්අඩංගුවට නොගන්නා බවත් මෙහිදී උද්ඝෝෂකයෝ පැවසූහ.

පහරකෑමට ලක්ව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයාගේ බිරිඳ හා දරුවන් ඇතුළු මිහින්තලය ජනතාව සහභාගී වූ මෙම උද්ඝෝෂණයට මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ද වැඩම කළහ.

පැය තුනකට ආසන්න කාලයක්  එම උද්ඝෝෂණය පැවති අතර පොලිස් ස්ථානාධිපති කේ. ඒ. ඩී ප්‍රසාද් සිරිවර්ධන මහතා එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන් හමුවී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇති බව පැවසීමෙන් අනතුරුව එම පිරිස උද්ඝෝෂකය නවත්වා විසිර ගියහ.

 

 

 



අදහස් (0)

ඒ 9 මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site