(ක.ග.කරුණාරත්න සහ කාංචන කුමාර ආරියදාස)
බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප‍්‍රදේශයේදී පොරොවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බකමූණ පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අතරගල්ලෑව,පෙතංආර පදිංචි ඩබ්ලිව්.ජී.විජේසිංහ නැමැති 52 හැවිරිදි අයෙකි.
මරණකරුගේ පුතා සමඟ ඇතිවූ ආරවුලකින් පසුව මේ ඝාතනය සිදුවී ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
එම ආරවුලට සම්බන්‍ධ බව කියන මරණකරුගේ පුතා මේ මිනීමැරුම සම්බන්‍ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd