( අධිකාරි මුදියන්සේ )
පන්නල පොලිස් බල ප්‍රදේශයේ බලපත් නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් අද (30) වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසීය.
පන්නල ඇලබඩගම නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පවත්වාගෙන යන වැලි ගබඩාවක් පිළිබඳ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති අනුර වල්පොල මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඉස්කැවෙටර් යන්ත්‍රයකින් ටිපර් රථයකට වැලි පටවමින් සිට ඇති අතර එම වැලි ගබඩා වේ බලපත් පරීක්ෂාවේදී බලපත්‍ර කල් ඉකුත් වී තිබීම හේතුවෙන් එහි හිමිකරු හා ටිපර් රථය ස්කැවේටර් යන්ත්ත්‍රය අත් අඩංගුවට ගෙන පොලීස් බාරයට ගෙන ඇත .
කුරුණෑගල දිසා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ උපදෙස් පරිදි එම වැලි ගබඩාව සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.