(පද්මා කුමාරී කංකානම්ගේ)
හෙරොයින්,ගංජා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු කල්පිටිය නගරයේ පිහිටි නිවසකදී අද (24) රාත්‍රී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 670 ක්,අයිස් මිලිග්‍රෑම් 390 සහ ගංජා ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 390 ක් තිබී ඇත.
මොහු මාතලේ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ අනියම් බිරිඳ ලෙස සැලකෙන කල්පිටියේ කාන්තාවකගේ නිවසේ සිටියදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.
සැකකරු හෙට (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd