IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොස් දැව තොගයක් සොරකම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

 (ජේ.කේ.එල් චාමින්ද)
 
 රුපියල්   ලක්ෂ දෙකක් පමණ වටිනා කොස්දැව තොගයක් සොරකම් කිරිම, සොරභාණ්ඩ බැහැර කිරිම හා මිලදි ගැනිමේ චෝදනාව යටතේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව්  පොද්දල පොලිසිය පවසයි.
 
 බද්දේගම ප්‍රදේශයේ දි  කොස් දැව තොගය, හා කොස්දැව රැගෙන ගිය ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇත.
 
අධිකරණයේ නඩුවක් පවතින  බලගොඩ ප්‍රදේශයේ පිහිටි හවුල් ඉඩමක තිබු වට අඩි 12ක්  පමණ  මෙම කොස් ගස  අධිකරණයෙන් ලබාගත් අවසරය මත බිම හෙලා ඇත. අධිකරණයෙන් අවසර ලබා දි ඇත්තේ කොස්ගස කපා විකුණා එම මුදල් අධිකරණයට බැරකරන ලෙසය.
 
එහෙත් මෙකි ඉඩම සම්බන්දයෙන්  අධිකරණයේ පවතින නඩුවේ එක් පාර්ශවයක පුද්ගලයකු විසින් හොර රහසේ කොස්ගස කපා විකුණා ඇති බව පොලිසිය පවසයි.
 
  සැකකරුවන් අද (26) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. පොද්දල පොලිසියේ ස්ථානාධිපති සංජිව මහතාගේ  උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො ප කේ.එච්.එස් පාලිත, පො කො 70758 සුනෙත් පො කො70844 චතුර යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.



අදහස් (0)

කොස් දැව තොගයක් සොරකම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14135 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site