( නිශාන්ත කුමාර)
මීගහකිවුල කිවුල ගම්මානයේදී දිවියකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (25) අලුයම මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කිවුල හතර කනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකි.
තම කුඹුරට ජලය හැරවීම සඳහා යමින් සිටියදී ගම්මානය අවට රක්ෂිතයේ සිට කඩාවැදුනු දිවියෙකු විසින් සපා කෑමෙන් ඔහු මෙම අනතුරට ලක්ව ඇත.
දිවියා සපාකෑමෙන් ඔහුගේ මුහුණ සහ අතපය ඇතුළු සිරුරේ ස්ථාන රැසකට තුවාල සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd