(දිලීප් ජයසේකර)
හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ.
හම්බන්තොට බදගිරිය සැනසිළිගම පදිංචි පුද්ගලයෙකුසදළුගම මුස්ලිම් ගම්මානයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු සමග පැමිණ සැනසිළිගම පදිංචි අඹූසැමි යුවලකට පරුෂ වචනයෙන් බැන වැදී අතින් පයින් පහර දී තිබේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අංක 19,සැනසිළිගම,බදගිරිය,හම්බන්තොට ලිපිනයේ පදිංචි 25 හැවිරිදි කොළඹගේ සුරංග සදකැළුම් හා ඔහුගේ බිරිද වන ශානිකා නැමති අයයි.
පහර කෑමෙන් අසාධ්‍යව සදකැළුම් නැමැත්තා ඊයේ (24) රාත්‍රි ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
රාත්‍රි 07ට පමණ පුද්ගලික ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති අතර රාත්‍රි 09ට පමණ පහකැමට ලක්ව රෝහල් ගතවු පුද්ගලයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
බීමතින් පැමිණ ඇති පුද්ගලයන් පස් දෙනෙකු පහරකෑමට ලක් වු පුද්ගලයාගේ නිවස අසලට පැමිණ ඔහුගේ සහොදරයන් දෙදෙනෙකුට හා ඔහුගෙ බිරිදට අසැබිවචනයෙන් බැණ වැදී ඇති අතර පහරකෑමට ලක් වු පුද්ගලයා ඒ පිළිබදව විමසීමේදී ඔහුට හා ඔහුගේ බිරිදට මෙම පිරිස අතින් පයින් පහර දී ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත.
පහරකෑමට ලක් වු පැමිණිලි කරු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව පතිකාර ලබයි.
කෙසේ වෙතත් ගම්මාන දෙකෙහි පිරිස් අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා හම්බන්තොට පොලිසිය විසින් බදගිරිය ප්‍රදේශයට මේ වන විට යුද හමුදා හා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාතර හම්බන්තොට දිසාබාර නියොජ්‍ය පොලිස්පති ඩී.ජගත් පලිහක්කාර,තංගල්ල කොට්ටාශබාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි