IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගොවිජන සමිතියේ ලේකම්ට පහර දුන් පුද්ගලයකු රිමාන්ඩ්

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව,පාංකුලාව වැවේ සොරොව්දොර කඩා එහි වතුර නාස්ති වීමට සලස්වා ගොවි සමිතියේ ලේකම්වරයාට පහරදුන් පුද්ගලයකු හලාවතවැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග මහතා වෙත අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනිමස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.

මෙම සිද්ධියේදී පහරකෑමට ලක්ව ඇත්තේ පාංකුලාව නවෝදා ගොවිසමීතියේ ලේකම්වරයා වශයෙන් කටයුතු  කරනු ලබන මොහන්දිරම්ලාගේ ධනංජය චන්ද්‍රසිරි නැමති අයෙකි.

පහරදී ඇති පුද්ගලයා විසින් සිදුකරගෙන ගොස් ඇති කසිප්පු පෙරුම්පොලක් පිළිබඳව මෙම ලේකම්වරයා විසින් පොලීසියට ඔත්තුවක් දුන්න
බවපවසමින් මෙම පහරදීම සිදුකර ඇත.


එසේ කිසිදු ඔත්තුවක් තමන් විසින් ලබාදී නොමැති බව එම ලේකම්වරයා පවසයි.

ලේකම් වරයා විසින් ලබාදුන් පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් කසිප්පු  පෙරීම සහ අලවිය සම්බන්ධයෙන් නඩුවක්ද අධිකරණයේ විභාගයට ගැනීමෙන් පසු ඇපමත නිදහස්ව ඇති පුද්ගලයෙක් බවද පොලීසිය පවසයි.


ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස්පරීක්ෂක බංඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

ගොවිජන සමිතියේ ලේකම්ට පහර දුන් පුද්ගලයකු රිමාන්ඩ්

K.Rathnayaka -Nalladarankattuwa Monday, 25 May 2020 11:28 AM

මේ මේ අපේ " ඔක්සිජන් " මහත්තයව අවුස්ස ගන්න එපා. වැඩේ කොතනින් කෙළවර වෙයිද කියන්න බෑ.... අනේ හිතාගන්ඩ බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14135 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site