( විජේරත්න රත්නායක )
බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) දහවල් සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.
කලිසමක් හා කමිසයක් හැඳ සපත්තු යුවළක් පැළඳ සිටි වයස අවුරුදු 35- 40 ක පමණ විය හැකි අයෙකුගේ වන මෙම මළසිරුර දින කීපයකට පෙර මිය ගිය අයෙකුගේ බවට සැකකෙරේ.
ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.