නිශාන්ත කුමාර
ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයෙකි.
ඉඩම් ආරවුලක් සම්බන්ධ නඩුවක සිතාසියක් බාර දීමට යෑමේදී බීමත්ව සිටි මෙම පුද්ගලයා ග්‍රාම නිලධාරීවරයාගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරී බැන තර්ජනය කර ඇති බව ග්‍රාම නිලධාරිවරයා විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.