IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තරුණිය බේරගන්න ගිය දෙදරු පියා දියේ ගිලී අතුරුදන්

(ශාන්ත චන්ද්‍රසිරි)

සියදිවි හානිකර ගැනීමට ඉහල කොත්මලා ජලාශයට පනින ලද තරුණියක ‌බේරා ගැනීමට උත්සාහ ගන්නා ලද පුද්ගලයෙකු ජලයේ ගිලී අද (21) අතුරුදන්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ලිඳුල, රත්නිල්ලකැලේ ජනපදයේ පදිංචිව සිටි හමීඩ් රික්ෂ්වාන් (28) නැමැති දෙදරු පියෙකි.

නිවසින් විවාහ යෝජනාවක් ගෙන ඒම නිසා ඊට සිත්තැවුලට පත්ව මෙම තරුණිය සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ජලාශයට පැන ඇති අතර, සිද්ධිය දුටු එම පුද්ගලයා තරුණිය බේරා ගැනීමට මෙසේ ජලාශයට පැන තිබේ.

ජලාශයට පනින ලද ඔහු එක්වරම ජලයේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

තලවකැලේ පොලිස් ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ක්ෂණිකව ක්‍රියාත්මක වී ජලාශයට බැස තරුණියව බේරා ගැනීමෙන් අනතුරුව ලිඳුල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනීම නිසා ඇගේ දිවි බේරා ගැනීමට හැකි වු බව තලවකැලේ නගර වැසියෝ කියති.

දැනට අතුරුදන්ව සිටින පුද්ගලයා සොයා තලවකැලේ පොලීසිය හා තලවකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

තලවකැලේ පොලිස් ස්ථාාධිපති රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (0)

තරුණිය බේරගන්න ගිය දෙදරු පියා දියේ ගිලී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1120 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site