බිමල් ෂ්‍යාමන් ජයසිංහ
උතුරු පයාගල දුම්රිය පොළ පිටුපස ධීවර වරායේ ජැටියේ ගල්පර අතර සිර වී තිබූ නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (21) හමුවූ බව පයාගල පොලිසිය කියයි .
පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව මළ සිරුර සොයා ගන්නා විට නිරුවත් ව තිබූ බව පොලිසිය සදහන් කරයි .
මළ සිරුර හමුවූ වන විට දැඩි ලෙස නරක් වී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මළ සිරුර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එය කාගේ කවුදැයි හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය .
පයාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක මහතා පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd