(ජේ.කේ.එල් චාමින්ද)
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 03 ක් හා මිලිග්‍රෑම් 200 ක් සමඟ සිව්දරුමවක් ඊයේ (20) රාත්‍රී හික්කඩුව නාරිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව හික්කඩුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව 58 හැවිරිදි වියේ පසුවන හික්කඩුව නාරිගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය සුක්ෂම ලෙස නොයෙකුත් උපක්‍රම අනුගමනය කරමින් මත්කුඩු අලෙවිකර ඇති බව පොලිසිය පවසයි.
මෙකි කාන්තාව මත්කුඩු පානය කිරීමට ද ඇබ්බැහි වී ඇති අතර මීට පෙර ද මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව බව හික්කඩුව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd