ඩී.ජී.සුගතපාල
ගාල්ල දුම්රිය අංගනයේ සිට ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට උඩින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය තොගයක් දැමීමට තැත් කල පුද්ගලයකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් අද (20) දහවල් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදෙන ලදී.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම දෙහිහේන පදිංචි 23හැවිරිදි තරුණයෙකි.
ගාල්ල දුම්රිය අංගනයේ සිට තාප්පයට උඩින් බන්ධනාගාරයට තුලට මත්ද්‍රව්‍ය වීසි කරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් කරන ලද දැනුම්දිමක් අනුව රැකවලෙහි සිටි දුම්රිය ආරක්ෂක නිලධාරින් පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
කැබලි කරන ලද දුම්කොල මිටියක් ගංජා පාර්සලයක් ලයිටර් හතරක් ඇතුළු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා කමකින් යුත් මත්ද්‍රව්‍ය රෙදි බෑගයක දමා මෙසේ බන්ධනාගාරය තුලට විසි කිරිමට තැත්කර ඇත.
සැකකරු අත් අඩංගුවට ගැනිමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණි ගාල්ල බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙතැන්න මහතා කියා සිටියේ මෙම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අවුරුද්දකුත් මාස දෙකක් බන්ධනාගාරයේ සිට මෙය දින තුනකට පමණ පෙර පිටව ගිය අයෙකු බවය.
දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර පේමරත්න සහකාර අධිකාර (දකුණ) ජී.ඩබ්ලිව් .සුමිත්,යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගාල්ල දුම්රිය ස්ථානයේ කාර්ය බාර නිලධාරි එච්.පී.ඩබ්ලිව් ලෙසලි ආනන්ද මහතාගේ මෙයෙවිම යටතේ සැරයන් ආනන්ද ලාල් (90934)ආරක්ෂක නිලධාරි ඩී.ඒ.සී.අල්විස්(91206)කාන්තා නිලධාරිණි ඩබ්ලිව් .ඒ.දීපානි(90059) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසිය වෙත බාරදෙන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුම්රිය අංගනයේ සිට බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය වීසි කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට