හිරාන් ප්‍රියංකර ජයසිංහ
කේරල ගංජා හා අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක නිරත වෙමින් සිටි පොලිස් සැරයන්වරයකු හා උප පොලිස් පරික්ෂකවරයකු සමග තවත් සැකකරුවන් දෙනෙකු අද (20) අත්අඩංගුවට ගනු ලැබීය.
පුත්තලම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් විසින් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී මොවුන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පොලිස් නිළ ඇදුමින් සැරසි සිටි පොල්ගහවල පොලිස්ථානයට අනුයුක්තව සේවය නියුතු පොලිස් සැරයන්වරයකු හා සේවයෙන් විශ්‍රාම ගොස් ඇති උප පොලිස්වරයකු සමග තවත් සැකකරුවන් දෙනෙකු බව කියයි.
එම සැකකාර සේවයේ නියුතු පොලිස් සැරයන්වරයා හා විශ්‍රාමික උප පොලිස් පරික්ෂකවරයා පුත්තලම ආසන්න ප්‍රදේශයකදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය මිලදි ගෙන ඇති බව පරික්ෂණ වලදි හෙළිව තිබේ .
එම සැකකර පොලිස් නිළධාරින් හා අනිකුත් සැකකරුවන් ගංජා මිලදි ගැනිමේන් පසුව මොවුන් පැමිනි මෝටර් රථයෙන්ම ආපසු ගමන් කරමින් සිටියදි පුත්තලම විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරින් වාහන යොදා මහ මග හරස් කරමින් මෝටර් රථය හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුනී.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සිදුවන අවස්ථාවේ දි මෝටර් රථයේ සිට පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු කල්අඩිය ප්‍රදේශයේ ජනතාව හා පොලිස් නිළධාරින් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසුව අල්ලා ගෙන තිබු බව කියයි.
කෙසේ නමුත් සැකකාර පොලිස් නිළධාරන් තුන් ලක්ෂ පනස් දහසක් ලබා දි කේරල ගංජා කිලෝ දෙකක් මිලදි ගත් බව ප්‍රශ්ණ කිරිමේදි පවසා තිබු බව කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගංජා-මත්කුඩු ජාවාරමේ යෙදුණු පොලිසියේ දෙදෙනකු ඇතුළු 4 ක් අත්අඩංගුවට