IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වැස්සෙන් ගිනිගත්හේනේ පවුල් 80 ක් අවතැන්

(රංජිත් රාජපක්ෂ)               

මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවවල අද (19) උදැසන  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පැවසුවාය.
 
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
 
එම මාර්ගයට කඩා වැටුණු පස් කදු කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඉවත් කර ඇති අතර , වටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුධ හමුදාව ,වටවල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබයි.
 
මේ අතර හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල නගරය පිටුපස නිවාස 25 ක් පමණ ජලයෙන් යට වි ඇත.

මිට ප්‍රථමද අවස්තා කිහිපයකදි එම නිවාස ජලයෙන් යට විම නිසා හැටන් ඔය කපා පුළුල් කිරිමේ කටයුතු සිදු කලද එය නිසි ලෙස සිදු නොකර ඇති බවත්, පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගැනිම සදහා හැටන් ඔය හරස් කර ඉදි කර ඇති වේල්ලක් හේතුවෙන් හැටන් ඔයේ ජලය රිසි සේ පහලට ගලා නොබැසිම හේතුවෙන් තමන් නිවාස ජලයෙන් යටවන බවයි පිඩාවට පත් ජනතාව පවසයි

 



අදහස් (0)

වැස්සෙන් ගිනිගත්හේනේ පවුල් 80 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1120 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site