(එස්. ඩි. කොඩිකාර )
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (19) කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පස් කදු ගස් කඩා වැටීම හේතුවෙන් අර්ධ හානි 70 ක් මේ වන විට වාර්තා වී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ මහතා පැවසීය .
ඊට අමතරව පුද්ගලයන් 200 ක් පමණ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව කොටපොළ ආපදා නිලධාරී දුමින්ද විදානපතිරණ පවසයි .
විශේෂයෙන්ම ගිං නිල්වලා ගංගා පිටාර ගැලීම හේතුවෙන් ගංගා අසබඩ ජීවත් වන වැඩි පිරිසක් මෙම ආපදා තත්වයට පත් ව ඇති අතර නිශ්ශංක පුර ග්‍රාම නිලධාරි වසමේ පමණක් පවුල් 21 ක් පීඩාවට පත්ව සිටින බව දුමින්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය .
ඊට අමතරව පල්ලෙගම උතුර, දකුණ, බටයාය ,මෙදේරිපිටිය ,පතවල නාඩකන්ද, පොද්දන,කීරිවලගම,දෙනියාය යන ආදී ග්‍රාම නිලධාරී වසම් වල මෙම අර්ධ හානි වාර්තා වීම සිදු වී ඇතැයි හෙතෙම පැවසීය .
විශේෂයෙන්ම ගිංගඟ අසබඩ ජීවත්වන පවුල් වැඩි ප්‍රමාණයක් මෙම ආපදා තත්වයට මුහුණ දී සිටින අතර මේ වන විට මාර්ග රැසක් ජලයෙන් යට වී පස් කදු කඩා වැටී වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි පොලිසිය සඳහන් කරයි .
ප්‍රදේශ රැසක මේවන විට විදුලිය විසන්ධි වී ඇති අතර පස්කඳු කඩාවැටී ඇති මාර්ගවල එම පස් කඳු ඉවත් කිරීම කොටපොළ ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරනු ලබයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංවතුරින් කොටපොල පුද්ගලයන් 200 ක් පීඩාවට