(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(19) ඇති වූ අධික සුළං තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ස්ථාන කිහිපයක ගස්කොළන් කඩා වැටීම නිසා නිවෙස්වලට හානි සිදුව තිබූ අතර අතුරු මාර්ග අවහිර වී තිබිණි.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, රන්න ආදී ප්‍රදේශවලට ඊයේ අලුයම් කාලයේ සිටම ඇදහැලුණු වර්ශාවත් සමඟ අධික සුළං තත්ත්වයක් ඇති විය.
මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නිවෙස් ආසන්නයේ විශාල ප්‍රමාණයේ ගස් කඩාවැටී තිබූ අතර ඇතැම් ස්ථානවල අතුරු මාර්ග අවහිර වී තිබූ ආකාරය දක්නට හැකි විය. තවද ඇතැම් ප්‍රදේශවල අතු කඩා වැටීම හේතුවෙන් විදුලිය බිඳවැටීම් සිදුව තිබිණ.
බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ නිවෙස් දෙකක් ආසන්නයේ තිබූ කොහොඹ ශාක දෙකක් අධික සුළග හේතුවෙන් කඩා වැටී තිබිණ. මින් නිවැසියන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවෙස්වල වහලයට හානි සිදුව තිබිණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd