
(විමුක්ති එස් රුද්රිගු)
යේමනයේ හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර යුදගිනි ඇවිළීමත් සමග උග්ර වී ඇති මැද පෙරදිග අර්බුදය අවසන් කිරීම කොන්දේසි හතක් ඇමෙරිකාවට බාරදී තිබෙන බවත් එයට ජනපති ට්රම්ප්ගේ ප්රතිචාරය ලැබෙන තුරු බලා සිටින බවත් ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිලයේ ප්රධානී මොහ්සෙන් රේසායි ඊයේ (19) ප්රකාශ කළේය.
අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් රෙසායි පවසා සිටියේ මැදිහත්කරු වන කටාර් රාජ්ය මාර්ගයෙන් එම කොන්දේසි හත ඇමෙරිකාවට බාරදුන් බවයි. නැවත වරක් ඉරානයට සාකච්ඡා මේසයට පැමිණීමට නම් ඇමෙරිකාව එම කොන්දේසි හතට කැමැති විය යුතු බවද රේසායි එහිදී ප්රකාශ කර තිබිණි.
ඉරානය මැදිහත්කරු වන කටාර් රාජ්ය සමග සන්නිවේදනය අඛන්ඩව පවත්වා ගන්නා බවද ඔහු ප්රකාශ කළේය. ඇමෙරිකාව තිබෙන එකම විකල්පය නම් ඉරානයේ කොන්දේසි 7 පිළිගැනීම බවත් ජනපති ට්රම්ප්ගේ තර්ජනවලින් ඇමෙරිකාවට ලබාගත හැකි ජයග්රහණයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් කොන්දේසි හතෙන් ඉරානය ප්රසිද්ධියේ ප්රකාශ කර ඇත්තේ කොන්දේසි තුනක් පමණක් වන අතර එම කොන්දේසිවලට අත්හිටවූ වත්කම් සහ අරමුදල් නිදහස් කිරීම, යුද්ධය සෑම පැතිකඩකින්ම අවසන් කිරීම, ඉරාන වරායන්ට පැමිණෙන නෞකා අවහිර කරමින් ඇමෙරිකාව පනවා ඇති බාධකය ඉවත් කිරීම අයත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd