(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකරයේ පවතින වැසි සහිත කාලගුණික තත්තවයෙන් ආගරපතන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ පවුල් 42 ක පුද්ගලයන් 162 කු අද (20) වනවිට අවැතැන්ව ඇතැයි ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කදීර්චෙල්වම් මහතා පැවැසීය.
ලිඳුල එකමුතුගම ප්‍රදේශයේ පවුල් 14 ක පුද්ගලයන් 56 ක්, රහන්වත්ත ප්‍රදේශයේ පවුල් තුනක පුද්ගලයන් 21 ක් හා ෆර්හෑම් වත්තේ පවුල් 25 ක පුද්ගලයන් 85 ක් දැනට මෙසේ අවතැන්ව සිටින බවත්, නිවාසවලට පස් කඳු කඩා වැටීම් හා ජල ගැලීම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව ඇතැයි ඒ මහතා කීය.
එකමුතුගම ප්‍රදේශයේ නිවාසයක් මතට පස් කන්දක් වැටීමෙන් එම නිවසේ පදිංචි සාමාජිකයන් නව දෙනෙකු ජීවිත අනුනවයෙන් ගලවා ගෙන ඇති බවත් ඒ මහතා කීය.
මේ වනවිට එම පවුල්වල සාමාජිකයන් ඒ ඒ වතුවල ආරක්ෂිත ස්ථානවල තාවකාලිකව රඳවා සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීමට ප්‍රාදේශීය සභාවෙන් පියවර ගෙන ඇති බවද කදීර්චෙල්වම් මහතා වැඩිදුරටත් පැවැසීය.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.