(ප්‍රියානි මංගලිකා )
කොරෝනා වයිරස් ආසාදිතයෙකු වාර්තා වූ කොබෙයිගනේ නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැනීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (19)පැවසීය.
ආපනශාලා වලින් පිසූ ආහාර පාර්සල් ලෙස පාරිභෝගිකයන්ට රැගෙන යාහැකි අතර සෙසු බේකරි නිශ්පාදන ද ඒ අයුරින් රැගෙන යාහැකි අතර,ඒ සියල්ල ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිදුකල යුතු බවට ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දී.ඇති බවද එම කාර්යාලය පවසයි.
කොබෙයිගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නෙලුම් එදිරිසිංහ මහත්මිය ගේ උපදෙස් අනුව ,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් පරීක්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd