(අංජුල මහික වීරරත්න)

එළඹෙන අයවැය ලේඛනයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්නට බලාපොරොත්තු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අකුරැස්සේදී පැවසීය.

එළඹෙන ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කළ යුතු වුවත් සහනාධාරයක් දී එය පාලනය කරන්නට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

ලබන අයවැයෙන් පොලිස් නිලධාරීන්ගේ දීමනාව වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

" අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"යන තේමාවෙන් අකුරැස්සේදී මෙම ජන හමුව පැවැත්විණි.