ප්‍රින්ස් රත්නායක
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්. කේ. අතුල ඥාණපාල මහතා පත් කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් මෙම පත්වීම සිදුකර ඇත්තේ හයවැනි උපකුලපතිවරයාවූ මහාචාර්ය සුනිල්ශාන්ත මහතාගේ ධූර කාලය මැයි 18 වැනිදායීන් අවසන් වීමත් සමග නැවත ස්ථිර උපකුලපතිවරයෙක් පත්කරන තෙක් පරිපාලන කටයුතු සිදු කිරීමටය.
අද (19 ) වැනිදා මහාචාර්ය අතුල මහතා නිල වශයෙන් සිය ධුර කටයුතු ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කළේ වැඩබලන ලේඛකාධිකාරී කමල්ගුණවර්ධන මහතාට සිය පත්වීමේ ලිපිය භාර දෙමිණි.
මහචාර්ය අතුල ඥාණපාල මහතා සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමුශිෂ්‍ය කණ්ඩායමේ දීප්තිමත් ශිෂයෙක් වූ අතර කථිකාචාර්වරයෙක් ලෙස විශ්වවිද්‍යාලයේ කටයුතු කරමින් සංචාරක කළමනාකරණ අධ්‍යන අංශයේ අංශාධිපති තනතුර දරා ඇති අතර කළමනාකරණ පීඨයේ වත්මන් පීඨාධීපතිවරයාද වේ. සිය නිල රාජකාරි කටයුතු ආරම්භක අවස්ථාවට අධ්‍යන පරිපාලන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සබරගමුව සරසවියට නව වැඩබලන උපකුලපතිවරයෙක්