වසර 200 අධික පෞරාණික භාණ්ඩ සොරා ගත් අයෙක් අත්අඩංගුවට මොණරෙකුගේ සලකුණු සහිත වසර දෙසීයකට අධික පෞරාණික වටිනාකමින් යුත් මිල කළ නොහැකි පිත්තල පහනක් ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී සොරා ගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමග අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි. 17 May 2020
වැස්සෙන් හානි වූ නිවාස තක්සේරු කරයි අධික වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හානියටපත් නිවාසවල හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භකොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 17 May 2020
දෙයියන්දර අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබු සැකකරු අත්අඩංගුවට පසුගිය 13වනදින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබිමේ සිදධියට සම්බන්ධ සැකකරු අද (16)සවස අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලිසිය පවසයි. 16 May 2020
ගිරිඋල්ලේ පවුල් 65ක 200 ක් අවතැන් මාඔයේ ජලට පිටාර ගැලීම හේතුවෙන් ගිරීඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ පවුල් 65 ක් 200 පමණ පිරිසක් අවතැන්ව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 16 May 2020
මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල නිවාස 68 ක් ජලයෙන් යට වෙයි කෑගල්ල ඇතුඵ ප්‍රදේශවලට ඇද හැඵණු අධික වර්ෂාව හේතුවෙන් මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මරදගොල්ල ග්‍රාමසේවා වසමෙහි නිවාස 68 ක් ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය. 16 May 2020
පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් අල්ලයි කොටගල නගරයේ මස් වෙළෙඳ සැල්වල සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී අළෙවි කිරීමට තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගව මස් තොගයක් විනාශ කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් අද (16) පියවර ගනු ලැබූහ. 16 May 2020
කොටවෙහෙර ආපනශාලාවල ආහාර ගැනීම තහනම් ආසාදිතයන් දෙදෙනෙකු වාර්ථා වූ , කොටවෙහෙර නගරයේ හෝටල් ව්‍යාපාරික ස්ථාන මේවන විට විවෘත කර ඇති අතර ,ආපන ශාලා තුල ආහාර ගැණීම මෙන්ම තේ පානය කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (16)පැවසීය. 16 May 2020
රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 6කට නාය අවදානම් පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොටිඨාස හයක නාය යැමෙි අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි. 16 May 2020
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් ඊයේ (15) සවස සිට විවෘත කර ඇත. 16 May 2020
අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සූදානම්ව සිටිය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 16 May 2020
අනතුරුවලට ලක් වූ පක්ෂීන් කිහිපදෙනකු නිකවරටිය පශු වෛද්‍ය ඒකකයේ වයඹ පළාතට අයත් පෙදෙස් කීපයකින් අනතුරු වලට ලක්වීමෙන් දුර්ලභ පක්ෂීන් රැසක් ඇතුලු හම්බාවෙකුද ප්‍රතිකාර ලබමින්සිටින බවද නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (16) පැවසීය. 16 May 2020
නිවසකට ගලක් පෙරැලෙයි : පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානයකට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සමග වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරැලිමෙන් නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසිය. 16 May 2020
මෝය කට ඇහිරීමෙන් වැසි ජලයෙන් අම්බලන්ගොඩ ගම් රැසක් යට වෙයි ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් අම්බලන්ගොඩ හා ඒ අවට කවදාවත්ම වැසි ජලයෙන් යටනොවුනු ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී ඇතැයි ප්රදේශවාසිහු කියති. 16 May 2020
පස් කන්දක් කඩා වැටී හැටන් - නොටන්බ්‍රිජ් මාර්ගය අවහිර වෙයි දික්ඔය, වනරාජා වත්තේ සමහිල් ප්‍රදේශයේදි පස් කන්දක් කඩා වැටීමෙන් හැටන්- නෝටන්බ්‍රිජ් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට අද (16) උදෑසන බාධා එල්ලව පැවැතිණි. 16 May 2020
තද සුළඟින් පොළොන්නරුවේ නිවාස 21 කට හානි වර්ෂාව සමඟ ඇතිවූ තද සුළඟ හේතුවෙන් අද(15) සවස පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ගම්මානයේ පිහිටි නිවාස 21කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 15 May 2020
කොග්ගල පොල්ඔයේ මෝය කට කපයි ප්‍රදේශ කීපයක් ගංවතුරින් බේරාගැනීම සඳහා කොග්ගල පොල් ඔයේ ජලය මුහුදට ගලායෑම සඳහා එහි මෝය කට කැපීම අද (15) හබරාදුව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් සිදුවිය. 15 May 2020
මාදු ගඟ පිටාර මට්ටමේ : පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලයි බලපිටියට නොනවත්වාම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාදු ගග පිටාර මට්ටමට පැමිණ ඇති හෙයින් ඒ පිලිබදව දැඩි අවධානයෙන් සිටින ලෙස අහුන්ගල්ල පොලිසිය ගග අවට ජීවත්වන පහත්බිම්වල ජනතාවගෙන් අද (15 )පස්වරුවේ ඉල්ලා සිටියේය. 15 May 2020
දුරකථන කුලුන අලුත්වැඩියාවට පැමිණි ඉංජිනේරුවරයාට විරෝධතාවයක් බද්දේගම සන්දරවල තිබෙන පුද්ගලික දුරකතන සමාගමකට අයත් දුරකතන සම්ප්‍රේෂණ කුළුණකට අද( 15) දහවල් අකුණු සැර වැදිම හේතුවෙන් හානි සිදුව ඇති සැටලයිට් යන්ත්‍ර කිහිපයක් හා ජෙනරේටර්යක් අලුත් වැඩියා කිරිමට පැමිණි ඉංජිනේරුවරයෙකුට අසල්වැසියන් පිරිසක් විරෝධය පල කිරිමෙන් එහි අලුත්වැඩියා කටයුතු කිරිමට නොහැකිවු අතර පසුව පොලිසියට මැදිහත් විමටද සිදුවිය. 15 May 2020
හෙරොයින් සමග කතක් රාවතාවත්තෙන් අත්අඩංගුවට මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු හා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් මුදල් සමග කාන්තාවක් අද (15) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 15 May 2020
අකුණුසැර වැදී පිළිස්සුණ දෙදෙනකු රෝහලේ ඉමදූව, දඩුවන ග්‍රාම නිලධාරි වසමේ නිවෙසට එල්ලවූ අකුණු සැර හේතුවෙන් අඹුසැමි යුවළක් පිලිස්සුම් තුවාල ලබා කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. 15 May 2020
අකුණු සැර වැදී නිවාස 8 කට හානි බද්දෙගම හිගුරගොඩදුව වත්ත ප්‍රදේශයට අද (15 ) පස්වරුවේ එල්ලවූ අකුණූ පහරකින් එම ප්‍රදේශයේ නිවාස අටකට පමණ දැඩි අලාභහානි සිදුව ඇතැයි බද්දෙගම පොලීසිය කියයි . 15 May 2020
ළිඳට වැටී දැරියක් මරුට වයස අවුරුදු 12 ක ගැහැණු ළමයෙකු අද (15) සවස ළිඳකට වැටී මිය ගොස් ඇති බව කළ වන පොලීසිය පවසයි . 15 May 2020
අලියකුගේ පහරදීමකින් පුද්ගයෙක් මරුට මොණරාගල ඔක්කමිපිටිය මිණිපුරගම ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයෙකුට වන අලියෙකු පහරදි,ඔහු එම හේන තුල මියගොස් සිටියදි අද(15) සොයාගත් බව ඹක්කම්පිටිය පොලිසිය පවසයි. 15 May 2020
නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 240 ක් පිටව යති වවුනියාව වේලාන්කුලම ගුවන් හමුදා කඳවුරේ හා කිලිනොච්චිය මුලංගාවිල් 651 වන යුද හමුද කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 240 දෙනෙකු අද (15) නිවෙස් වෙත පිටව ගියහ. 15 May 2020
රජයේ රක්ෂිතයක් එළිපෙහළි කළ අයෙක්ට දඩ ඉඹුල්පේ රත්තනගොල්ල රජයේ රක්ෂිතයේ අක්කර භාගයක කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කළ පුද්ගලයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) නියෝග කළේය. 15 May 2020
බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් රාජ සන්තක කරයි බලපත්‍ර නොමැතිව අනවසරෙන් දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් රාජ සන්තක කිරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) නියෝග කළේය. 15 May 2020
ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ පොලොන්නරුව, කදුරුවෙල නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයට ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද (15) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි. 15 May 2020
රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයකුට දඩ බලන්ගොඩ රජවක රක්ෂිතයේ පියන්ගිරිය කොටසේ අනවසරයෙන් පතල් කපා මැණික් ගැරු පුද්ගලයෙකු අධිකරණය ඉදිරියේ වරදකරු විම හේතුවෙන් රුපියල් 50,000 දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) දා නියෝග කලේය. 15 May 2020
නෙදර්ලන්ත තරුණියට අතවර කළ පුද්ගලයකු සොයා පරීක්ෂණ කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයට අයත් කප්පල් අඩිය සංචාරක නිවස්නයක් නවාතැන්ගෙන සිටි 30 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ 45 හැවිරිදි පුද්ගලයෙකු සොයා කල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්හ කර ඇත. 15 May 2020
විලක්කුලම වැව් පිටියෙන් මළ සිරුරක් සොයා ගනී සැක සහිත ආකාරයට මියගිය 52 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(15)දින විලක්කුලම වැව් පිටියේ තිබි සොයා ගන්නා ලද බව කැකිරාව පොලිසිය කියයි. 15 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025