ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මොණරෙකුගේ සලකුණු සහිත වසර දෙසීයකට අධික පෞරාණික වටිනාකමින් යුත් මිල කළ නොහැකි පිත්තල පහනක් ඇතුළු පෞරාණික භාණ්ඩ රැසක් ඇදිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේදී සොරා ගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමග අද (17) අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් වරදකරු වී වසර හතක් බන්ධනාගාර ගතව සිට මීට මසකට පෙර නිදහස්ව ආ පුද්ගලයකු බව පොලීසිය කියයි .
ඇදිරි නීතිය හේතුවෙන් කිරුළපන තලකොටුව වත්ත ප්‍රදේශයේ නිවසක් වසා දමා, එහි හිමිකරුවන් රාජගිරිය ප්‍රදේශයේ ඥාති නිවසක සිට තම නිවසට පැමිණි අවස්ථාවේදී , එහි තිබූ පෞරාණික භාණ්ඩ රැසක් සමග තවත් භාණ්ඩ කිහිපයක් නිවසේ දොර කඩා සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වීමත් සමග ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් මෙසේ සිදු කර තිබුණි .
ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු සොයා විමර්ශන අතරතුරදී ,පොලිස් වසමේ සිදු වූ වෙනත් සොරකමකට අදාළ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එහි පෞරාණික පොල්තෙල් පහනක් තිබෙනු දැක ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ,අනාවරණය වූ කරුණු අනුව සොරකමට අදාළ සැකකරු මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කිරුළපන පොලිසිය පවසයි .
ඒ අනුව කිරුලපන කූඹිකැලේ ප්‍රදේශය පදිංචි ( 39 ) පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගන්නා ලද පෞරාණික වටිනාකමින් යුත් මොණරෙකුගේ සලකුණ සහිත පිත්තල පහන , පිත්තල සෙම්බුවක් , හස්තිරාජයන් තිදෙනකුගේ හොඬවැල මත තබා තිබෙන පිත්තල පාත්තරයක් , ඉනිමගක් සහ මැටි ජෝග්ගුවක් ස්ථාන කිහිපයකට විකුණ තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි .
මෙසේ සොයාගත් පෞරාණික භාණ්ඩ තොගයේ වටිනාකම සහතික කරගත නොහැකි බවද පොලිසිය පවසයි.
මෙසේ සොයා ගන්නා ලද මොණර සලකුණ සහිත පිත්තල පහන මීට වසර දෙසීයකට පමණ පෙර පැමිණිලිකරුගේ මුත්තෙකුට කතරගම මහා දේවාලයෙන් තෑගි ලැබූ එකක් බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය කියයි .
තවදුරටත් විමර්ශනය කිරීමේ දී සොරකමට සම්බන්ධ සැකකරු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේදී විවෘත වරෙන්තු ලැබූ අයෙකු බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය පවසයි ..
සැකකරු අධික ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වූවකු බව ද පොලිසිය පවසයි .
ඒ අනුව සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වසර 200 අධික පෞරාණික භාණ්ඩ සොරා ගත් අයෙක් අත්අඩංගුවට