(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, කදුරුවෙල නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාලයට ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද (15) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මහනුවර,නියංගොඩ,කුඹුරේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අරමුදලේ රත්නායක මුදියන්සේලාගේ සිසිර සම්පත් රත්නායක නැමැති 47 හැවිරිදි අයෙකු බවට පසුව හඳුනාගෙන තිබේ.
කදුරුවෙල නගරයේ පිහිටි රජයේ ආයතනයෙක විකුණුම් විධායකවරයෙකු ලෙස රැකියාව කර තිබෙන බවත් වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාලය පිටුපස පිහිටි නිවාසක තාවකාලිකව නැවතී රැකියාවට ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd