(හේමලතා ඩි හේවගේ)
කෑගල්ල ඇතුඵ ප‍්‍රදේශවලට ඇද හැඵණු අධික වර්ෂාව හේතුවෙන් මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මරදගොල්ල ග‍්‍රාමසේවා වසමෙහි නිවාස 68 ක් ජලයෙන් යටවී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් අවතැන්වී ඇති බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පැවසීය.
ජලගැලීම හේතුවෙන් විපතට පත් ජනතාව මේවනවිට ආරක්ෂක ස්ථාන කරා යොමුකර ඇති බවත් නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයල ප‍්‍රාදේශීය සභාවල ගිරිඋල්ල පොලීසිය සහ කුරුණෑගල දිස්ත‍්‍රික් ආපධාකරණ මධ්‍යස්ථානය එක්ව සහනසේවා කටයුතු සිදුකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
අවතැන්වූ ජනතාවට පිසූආහාරල පානීය ජලයල ඇතුඵ අත්‍ය අවශ්‍ය ද්‍රව්‍ය මේවනවිට සපයා ඇති බවත් සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක, නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉන්ද්‍රාන්, ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ටී ඒ සමරකෝන් යන මහත්වරුන් අවතැන්වූ පිරිස් වෙත අවශ්‍ය සහන කටයුතු සොයාබැලීම සඳහා ඵම ස්ථානයට පැමිණ සිටි අතර මරදගොල්ල ග‍්‍රාමනිළධාරී එච් එම් මනූජා හර්ෂනී,සමෘර්ධි සංවර්ධන නිළධාරී එච් ඒ වීරසිංහල ආර්ථික සංවර්ධන නිළධාරී ආර් එම් ජී ජිනදාසල යන මහත්ම මහත්මීන් එම කාර්යන්හී නිරතවී සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මා ඔය පිටාර ගැලීමෙන් නාරම්මල නිවාස 68 ක් ජලයෙන් යට වෙයි