ඩී.ජී.සුගතපාල
බද්දේගම සන්දරවල තිබෙන පුද්ගලික දුරකතන සමාගමකට අයත් දුරකතන සම්ප්‍රේෂණ කුළුණකට අද( 15) දහවල් අකුණු සැර වැදිම හේතුවෙන් හානි සිදුව ඇති සැටලයිට් යන්ත්‍ර කිහිපයක් හා ජෙනරේටර්යක් අලුත් වැඩියා කිරිමට පැමිණි ඉංජිනේරුවරයෙකුට අසල්වැසියන් පිරිසක් විරෝධය පල කිරිමෙන් එහි අලුත්වැඩියා කටයුතු කිරිමට නොහැකිවු අතර පසුව පොලිසියට මැදිහත් විමටද සිදුවිය.
එම ස්ථානයට රැස්වුයේ අද දහවල් අකුණු සැර වැදිම නිසා නිවාසවලට සහ විදුලි උපකරණවලට හානිවු දුරකතන කුළුණ අසල පදිංචිකරුවන් පිරිසකි.
ඔවුන් කියා සිටියේ දුරකතන කුළුණ නිසා තමන්ගේ නිවෙස්වලට අකුණු සැර වැදුණු බැවින් දුර කතන සමාගම ඒ වෙනුවෙන් වන්දි ලබාදිය යුතු බවය.
මේ නිසා එහි අලුත් වැඩියා කටයුතු කිරිමට නොලැබුණු අතර පසුව සිද්ධිය සමථයකට පත් කිරිම සඳහා පොලිසියට ද මැදිහත් විමට සිදුවිය.
අද සවසම පොලිසියට පැමිණෙන ලෙස දෙපාර්ශවයටම දැන්විමෙන් පසු විරෝධතාවය දැක්වු පිරිස විසිර ගියහ.
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුරකථන කුලුන අලුත්වැඩියාවට පැමිණි ඉංජිනේරුවරයාට විරෝධතාවයක්