(එස් .ඩි. කොඩිකාර )
කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යාමේ අවදානමට ලක්ව ඇති පවුල් 05ක සාමාජිකයින් 21 කු වැසි සහිත කාලගුණික තත්ත්වය පහ වනතුරු ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස අද (19) ස්ථාන පරීක්ෂණයක් සිදුකළ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී පී.එස්.මැණික්පුර මහතා උපදෙස් ලබාදුන්නේය.
මෙ සේ අවදානමකට ලක්ව ඇත්තේ පතවල නඩකන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් ඔලගන්දෙණිය ගම්මානයේ නිවාස පහක පුද්ගලයන් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මානෙල් ආනන්ද මහතා පැවසීය .
මේ හේතුවෙන් එම පවුල් වල සාමාජිකයින් ඔවුන්ගේ ඥාති නිවෙස්වල තාවකාලිකව ලැගුම් ගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍ය වියළි සලාක කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය .
මේ අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොටපොල ප්‍රාදේශීය ලේකම් ගනේෂ අමරසිංහ කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අහිංසක මිනිස්සුන්ටයි, දරුවන්ටයි මුහුණු ආවරණයක්වත් දීලා නෑනේ.