(ජේ.කේ.එල්. චාමින්ද)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අයිස් නැමති මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ රත්ගම අංහන්දියේ දී සහ ඉඹුලගොඩ දී අත්අඩංගුවට ගත්බව රත්ගම පොලිසිය පවසයි.
අංහන්දියේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් හා මිලිග්‍රෑම් 540 ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 01 ක් හා මිලිග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත්සැකකරු 23 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි.මොහු මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති අතර විවාහ වී ගතවී ඇත්තේ මාසයක් පමණක් බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදි අනෙක් සැකකරු ඉඹුලගොඩ දී අයිස් මත්කුඩු ග්‍රෑම් 14ක් හා මිලිග්‍රෑම් 650ක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 01 ක් හා මිලිග්‍රෑම් 620 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු 24 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
සැකකරුවන් දෙදෙනාම ඉඹුලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.