ඔගස්ටින් ප්‍රනාන්දු
මවගේ දැනහැඳුනුම්කමට ගෙදර නතර කර ගත් 60 වන වියේ පසුවන බේකරි මාමා කෙනෙකු එම නිවසේ ජීවත්වු ලාබාල දැරියක විටින් විට කෙලෙසා පලා ගොස් පුත්තලම නගරයේ නිවසක සැඟව සිටිය දී අද ( 17 දා ) දහවල් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මෙවන් අතවරයකට පත්ව ඇත්තේ පුත්තලම අල්කාසිම් සිටි හි පල්ලිය අසල නිවාසයක විසු අවුරුදු 11 කුත් මාස 8 ක් වයසැති දැරියකි.
ඇගේ පියා මවගෙන් වෙන්ව සිටි බවත් පසුව මව වෙනත් අයෙකු සමග පවුල් කමින් සිටි අතර මවගේ හිතවත්කමට ඇය දන්නා හදුනන බේකරි මාමා කෙනෙකු එම නිවසේ නතරව සිටි බවත් ඔහු අසල බේකරියක් පවත්වා ගෙන ගිය අයෙකු බවත් කියයි.
මේ අතර පසුගිය වසරේ මැද භාගයේ සිටි බේකරි මාමා විසින් අවස්ථා ගණනාවක දි දැරිය අමානුෂික ලෙසින් ලිංගික ක්‍රියාවලියකට යොදා ගත් බවට ලද තොරතුරක් අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කියයි.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මුළික රෝහලට ඇතුළු කළ අතර පසුව සැගව සිටි සැකකරු අද ( 17 දා) අත් අඩංගුවට ගත් බවත් කියයි.
ඔහුද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරිමට නියමිතය.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කුමාරදාස මහතාගේ උපදෙස් අනුව කාන්තා හා ළමා කටයුතු විමර්ශණය කිරීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ජයකොඩි මහත්මිය සැරයන් කුලරත්න ( 15782 ) සැරයන් රූපසිංහ යන මහත්වරුන් හා (කාපොකො) කල්පනි ( 11014 ) මහත්මිය පරීක්ෂණ සිදු කරති.
2025 නොවැම්බර් මස 04
784
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැරියට අතවර කළ බේකරි මාමා අත්අඩංගුවට
රවින් Sunday, 17 May 2020 08:49 AM
බලාගෙන ගියහම අම්මාගේ අනුදැනුම ඇතිව වැඩේ වෙලා වගේ.
rama Sunday, 17 May 2020 08:52 AM
මේවා නූගත් ගැහැණුන්ගේ මෝඩකමට සිදු වෙන දේවල්.