(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අද(18) අලූයම බලපෑ තද සුළඟ හේතුවෙන් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පිහිටි නිවාස 70කට සහ ව්‍යාපාර ස්ථාන 03කට හානි සිදුව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
තමන්කඩුව,වැලිකන්ද,දිඹුලාගල,ලංකාපුර,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ සහ ඇලහැර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග‍්‍රාම නිලධාරී වසම් 44කට බලපා තිබේ.
මේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව 259ක් බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කලේය.
සිදුවී ඇති නිවාස හානි වැඩි ප‍්‍රමාණයක් අර්ධ හානි වශයෙන් වාර්තා වන බවද ඒ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.